ශුභාරංචිය
– කරුණාකර පහත ඡේද කියවන්න:
උත් 1:1 | ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූ සේක. |
රෝම 3:23 | සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ ගැලවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති |
ජොහන් 8:34 | ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි. |
දෙවියන් වහන්සේ අප මැවූ සේක. එහෙත් අපගේ පාපී ස්වභාවය නිසා අප උන් වහන්සේ නොදැන උන් වහන්සේගෙන් වෙන්ව සිටිමු. දෙවියන් වහන්සේගෙන් තොර අපේ ජීවිත අර්ථ ශුන්‍යද අරමුණකින් තොර ඒවාද වේ. අප කරන පාපයන්හි ප්‍රතිඵලය (ගෙවිය යුතු මිල) වන්නේ ආධ්‍යාත්මිකවත්, ශාරීරිකවත් මරණයට පත් වීමයි. ආධ්‍යාත්මික මරණය යනු දෙවියන් වහන්සේගෙන් වෙන්ව සිටීමට සිදු වීමයි. ශාරීරික මරණය යනු ශරීරය දිරාපත් වීමයි. අප පව් කර මැරුණහොත් අප සදාකාලිකවම දෙවියන් වහන්සේගෙන් වෙන්ව නිරයෙහි උපදිනු ඇත. අප පව්වලින් ගැලවී නැවත දෙවියන් වහන්සේ වෙත යන්නේ කෙසේද? පව්කාර පුද්ගලයකුට ගැලවීමක් නැති හෙයින් අපටද බේරී සිටීමට නොහැක (මෙය හරියට, දියේ ගිලෙන පුද්ගලයකුට බේරීමට නොහැකි වනවාක් මෙනි). අප සියලු දෙනාම පව්කාරයන් වන හෙයින් අන්‍යයන්ටද අපව ගලවා ගත නොහැක. (දියේ ගිලෙන එක් අයකුට දියේ ගිලෙන තවත් අයකු බේරා ගත නොහැක. දෙදෙනාටම උපකාර අවශ්‍ය වේ.) අපව පවින් ගලවා ගැනීමට නම් පව් නොකළ (දියේ ගිලෙමින් නොසිටින) පුද්ගලයකු අවශ්‍ය වේ. අපව බේරා ගත හැක්කේ පව් නොකළ පුද්ගලයකුට පමණි. සියලු දෙනා පව් කර ඇති ලෝකයක පව් නොකළ පුද්ගලයකු සොයා ගන්නේ කෙසේද?
රෝම 6:23 | පාපයේ විපාකය මරණයයි, එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාතන ජීවයයි. |
ජොහන් 3:16 | දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක්ද කීවොත් ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. එසේ කළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. |
මතෙව් 1:23 | “මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නීය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනුය. ඒ නාමයේ අර්ථය නම්, , “දෙවියන් වහන්සේ අප සමගය” යනුයි. |
ජොහන් 8:23 | එබැවින් උන් වහන්සේ කතා කොට, “ඔබ මෙලොවින් වන්නහුය; මම එලොවින් වන්නෙමි. ඔබ මේ ලෝකයෙන්ය; මම මේ ලෝකයෙන් නොවෙමි. |
මාක් 1:11 | තවද ස්වර්ගයෙන් නික්මුණු හඩක්, , “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි.”යි පැවසීය. |
ජොහන් 8:36 | එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම් ඔබ සැබැවින් නිදහස්ය. . |
ජොහන් 3:3 | ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමකු නැවත නූපන්නොත්, ඔබුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැක ගත නොහැකිය“යි ඔහුට වදාළ සේක |
ජොහන් 1:12 | එසේ වුවද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහනසේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක. |
අපගේ මැවුම්කරුවාණන් වූ දෙවියන් වහන්සේ අපට මහත් සේ ආදරය දක්වන අතර මෙයට විසඳුමක්ද ලබා දුන් සේක. උන් වහන්සේ අප කෙරෙහි ඇති ඉමහත් දයාව හේතුවෙන් ස්වකීය පුත්‍රයා වූ ජේසුස් වහන්සේ අපගේ පව් වෙනුවෙන් මරණයට පත්වීම සඳහා මෙලොවට එවූ සේක. ජේසුස් වහන්සේ මෙලොව සිටි තැනැත්තකු නොවන හෙයින් එතුමා පවින් තොරය. මිහිපිට සිටියදී පවා එතුමා පව් කිරීමට යක්ෂයා විසින් කළ පෙළඹවීම ජය ගත්තේය. එතුමා ජීවත් වූ ආකාරය ස්වර්ගයෙහි සිටින දෙවියන් වහන්සේගේ සතුටට හේතුවක් විය. ජේසුස් වහන්සේ අපගේ පව් භාර ගෙන අපගේ පව් වෙනුවෙන් කුරුසයේදී මරණයට පත් විය. එතුමා අපගේ ජීවිතවල ගැලවුම්කරුවාණන් වේ (උන් වහන්සේ නොගිලෙන පුද්ගලයකු හෙයින් උන් වහන්සේට අප ගලවා ගත හැක). ජේසුස් වහන්සේ කුරුසය මත මිය යාමේ අරමුණ නම් අපගේ පව්වලට වන්දි ගෙවීමයි. එලෙසින් අපගේ පව් ඉවත් කොට අපත් දෙවියන් වහන්සේත් අතර තිබූ බිඳී ගිය සබඳතාව ප්‍රකෘතිමත් කිරීමයි. . අපි දෙවියන් වහන්සේගේ බල මහිමයෙන් ආධ්‍යාත්මික මරණය (දෙවියන් වහන්සේගෙන් වෙන් වීම) මගින් නැවත ජීවිතය ලබා ගන්නෙමු. මෙම නව සම්බන්ධතාව හැඳින්වෙන්නේ නැවත ඉපදීම යනුවෙනි. මෙමගින් අපව මැවීමේත්, අප පැවතීමේත් අරමුණ ප්‍රතිස්ථාපනය වී ජීවත් වීමේ නියම අර්ථයත් අරමුණත් අපට ලබා දෙයි.
ජොහන් 11:25 | ජේසුස් වහන්සේ කතා කරමින්, පූනරුජ්ජීවනයද, ජීවනයද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නොමැරෙන්නේය. ඔබ මෙය අදහන්නෙහිදැ“යි ඇසූ සේක. |
රෝම 6:9 | උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ යළිත් නොමැරෙන බවද අපි දනිමු. මින් මතු මරණය උන් වහන්සේ කෙරේ බල පවත්වන්නේ නැත. |
ක්‍රියා 2:24 | එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද මරණයට උන් වහන්සේ බැඳ තබා ගත නොහැකි විය. |
රෝම 14:9 | ක්‍රිස්තුස් වහන්සේ මැරුණෙත් යළි උත්ථාන වූයේත් මළවුන්ගේද ජීවතුන්ගේද සමිඳාණන් වහන්සේ වන පිණිසය. |
ක්‍රියා 1:11 | ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමටද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නගිනු දුටු සේම ආපසු වඩිනු ඇතැ“ යි කීහ. |
අපගේ පව් වෙනුවෙන් ජේසුස් වහන්සේ මිය යාමෙන් කළ කැප වීම ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ පිළිගත් බවට ඇති සාක්ෂි මොනවාද? ඊට ඇති සාක්ෂිය නම් දෙවියන් වහන්සේ විසින් ජේසුස් වහන්සේව පුනරුජ්ජීවනය කිරීමයි. පුනරුජ්ජීවනය මගින් ජේසුස් වහන්සේ මරණය ජය ගත් බව ඔප්පු විය (වෙනත් වචනවලින් කියතොත් මරණයට උන්වහන්සේ කෙරෙහි බලපෑම් කළ නොහැකි බව). දැන් ජේසුස් වහන්සේ ජීවත් වන හෙයින් අපටද ජීවත් විය හැක. උන් වහන්සේ අප තුළ ජීවත් වීම අපට ජීවිතය ලබා දෙයි. උන් වහන්සේ පුනරුජ්ජීවනය වූ හෙයින් දැන් උන් වහන්සේ ජීවත් වෙමින් සිටින සේක.
ජොහන් 5:24 | “ඒකාන්තයෙන් මම ඔබට කියමි. මගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණි සිටියි. |
ජොහන් 10:9 | දොරටුව මමය; මා තුළින් යමෙක් ඇතුලු වන්නේද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේය. |
ජොහන් 14:6 | ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් “මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි; මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝය. |
ජොහන් 8:24 | ඔබේ පාපයෙහිම ඔබ මැරෙන්නාහු යැයි මා කීවේ එබැවිනි, මම උන් වහන්සේම යැයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහිම ඔබ මැරෙන්නාහුය.”යි වදාළ සේක |
ක්‍රියා 4:12 | අන් කිසිවෙකු මගින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුලු ලොවෙහිම මිනිසුන් අතර නැත.” |
රෝම 10:13 | මන්ද “සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවරෙක් නමුත් ගැළවීම ලබති”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත. |
රෝම 10:11 | “උන්වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇත. |
රෝම 2:11 | දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම නොබලන සේක |
රෝම 3:22 | ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණ කොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැතිව අදහන්නා වූ හැම දෙනාටම ලබා ගත හැකිය. ; |
රෝම 10:9 | ඔබ ජේසුස් සමිඳාණන් වහන්සේ යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහිය. |
අපේ පව් ඉවත් කර මෙකී නව ජීවිතය ලබා ගන්නේ කෙසේද? ඒ ජේසුස් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ලෙසත් ගැලවුම්කරුවාණන් බවත් විශ්වාස කිරීමෙනි. අප, අපගේ පාපී ක්‍රියා පිළිබඳ පසුතැවී සිත් හරවාගෙන අපට සමාව දී අප ගලවා ගන්නා ලෙස ජේසුස් වහන්සේගෙන් ඉල්ලා සිටියහොත් උන් වහන්සේ එය සිදු කරනු ඇති. ජේසුස් වහන්සේ වනාහි අපගේ පව් වෙනුවෙන් මරණයට පත් වනු පිණිස මෙලොවට පැමිණි දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය. මිහි පිට, උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ඕනෑම අයකු දෙවියන් වහන්සේගෙන් සමාව ලැබ, ස්වකීය පව්වලින් (සහ නිරයෙන්) ගැලවී දෙවියන් වහන්සේ වෙතින් නව ජීවිතයක් ලබනු ඇත. දෙවියන් වහන්සේ පක්ෂග්රාහී නොවන සේක. අප ජීවත් වන නගරය, අප කතා කරන භාෂාව, දුප්පත් පොහොසත් බව, ස්ත්‍රී පුරුෂ භාවය, තරුණද මහළුද යන්න හෝ වෙනත් යම් ශාරීරික වෙනස්කම් මගින් උන් වහන්සේ බලපෑමට ලක් නොවන සේක. ජේසුස් වහන්සේ අදහන්නා වූද, උන් වහන්සේට පාපෝච්චාරණය කරන්නාවූද සියලු දෙනා ගලවාගනු ලැබෙනු ඇත. ඔබ ජේසුස් වහන්සේ අනුගමනය කරන්නට තීරණය කළහොත් යාඥා කළ යුතු යාතිකාවක් පහත දැක්වේ:
ස්වර්ගයේ වැඩ වසන්නා වූ දෙවියන් වහන්ස, මා ගලවා ගෙන ස්වර්ගයේ සිට නව ජීවිතයක් ලබා ගැනීමට, මගේ පව් වෙනුවෙන් මිය යාමට ඔබේ එකම පුත්‍රයා වූ ජේසුස් වහන්සේ එවීම පිළිබඳ ස්තූති වෙමි. මා කළ ක්‍රියාවන් පිළිබඳ පසුතැවිලි වී සිත් හරවා ගනිමි. මගේ පව් කමා කරන මෙන් ඉල්ලා සිටිමි. මම ජේසුස් වහන්සේ අදහන අතර උන් වහන්සේ මා කළ පවු වෙනුවෙනුත්, මගේ සමිඳාණන් ලෙසත් ගැලවුම්කරුවාණන් ලෙසත් පිළිගනිමි. ඔබ මට ලබා දෙන්නා වූ නව ජීවිතයේදී ඔබේ සිත් ගන්නා ආකාරයෙන් ජීවත් වීමට මට උපකාර කර මග පෙන්වා දෙන සේක්වා. ආමේන්
ඔබ ඉහත යාතිකාව කර ඇත්නම් ඔබ යා යුතු පල්ලිය පෙන්වා දෙන මෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න. යාඥාව අතරතුර නිතර නිතර දෙවියන් වහන්සේ හා කතා කරන්න, උන් වහන්සේ ඔබට කතා කරනු ඇත. දෙවියන් වහන්සේගේ හඩට සවන් දෙන්න. දෙවියන් වහන්සේ ඔබට මග පෙන්වනු ඇත. උන් වහන්සේ ඔබට ආදරය කරන අතර ඔබ රැක බලා ගනු ඇත. ඔබට උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ගත හැක. උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයන්ව කිසි විටෙක උන් වහන්සේ අමතක නොකරයි. දෙවියන් වහන්සේ යහපත්ය. උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැක. ඔබගේ ජීවිතය උදෙසා ඔබ රඳා පැවතිය යුත්තේ උන් වහන්සේ මත පමණි. ඔබේ අවශ්‍යතා උන් වහන්සේ හා පවසන්න. උන් වහන්සේ ඔබ රැක බලා ගන්නා අතර ඔබට ආශිර්වාද කරන සේක. ‘මම ඔබ අත්හැර නොයමි. මම ඔබ හැර නොදමමි.‘ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. ජේසුස් වහන්සේ හරහා ආශිර්වාද ලබා ගන්න.
ජොහන්ගේ පොතෙන් ආරම්භ කරමින් නිතර බයිබලය කියවන්න. වැඩිදුර අන්තර්ජාල මූලාශ්‍ර සඳහා මෙතැන ක්ලික් කරන්න